මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වී ගිය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කදාණ පොලිස් වසමේ පියෝ මාවතේ නිවසක ගබඩා කර තිබියදී ජාඇල මහජන සෞඛ්‍ය කාර්යාලය ට අයත් නිලධාරීන් පිරිසක් විසින් 09 දින සවස අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොගය ඉකුත් 07 දින කොළඹ වරායේ සිට මෙම ස්ථානය ට ගෙනවිත් තිබූ බවට අනාවරණය වන්නේ යැයි ද පොලිසිය පවසයි.
විදේශ ගත පුද්ගලයකු අයත් මෙම නිවසේ භාරකරු ලෙස සිටින පුද්ගලයකු විසින් මෙම මිනිස් පාරිභෝජනය ට ගෙන එන්නට ඇතැයි සැක කරයි. ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ට අනුයුක්ත එස්. ටී. පී. චාමික යන නිලධාරියා විසින් 10 දින වැලිසර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට අල කිලෝ 1769ක්,ලූනු කිලෝ 732ක්,කඩල කිලෝ 2600ක්,පරිප්පු කිලෝ 29ක්, හාල් කිලෝ 20ක්, කහ කිලෝ 03ක්, උදු කිලෝ 150ක් මූදෘ තබා ඇත. එක් සැකකරුවෙකුද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාඇල ප්‍රසංග පෙරේරා