රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වු ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ලබන ජුලි 29 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අල්ලස් කොමිසමට ඊයේ (18) දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පුළුල්ව අධ්‍යනය කර අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන විත්තිකරුවන්ට එරෙහිව නව චෝදනා පත්‍රයක් ගොනු කරන්නේද? නැද්ද? යන කරුණු ඉදිරියේදී මහාධිකරණයට දැනුම් දෙන බව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂක අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය කළ දැනුම් දීමක් සළකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.
රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වු වාහන පිළිබඳව රථවාහන ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුලත් කර වෙනත් වාහන අංකයන් යටතේ ලියාපදිංචි කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 26කට අධික පාඩුවක් කළ බවට පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය ඒ බව දැනුම් දුන්නාය.
ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ නියේජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම වරද කර ඇතැයි අල්ලස් කොමිෂම පැවරූ නඩවේ සඳහන් කර ඇත.
ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙන් රාජකාර කළු රෝහිත සමරවීර, උපුල් ප්රිියන්ත ද සිල්වා, කේමන්ත මුත්තුංග (විදේශ ගතවී), චන්න රෝහිත, ධර්මරත්න බණ්ඩා සහ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයේ හිමිකරු බව කියන අජිත් කුමාර වලිසුන්දර නමැත්තන්ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට මෙලෙස නඩු පවරන ලදී.
2015 මැයි 16 වැනිදාත් සැප්තැම්බර් 26 වැනිදාත් අතර කාලයේ කොළඹදී මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙන් රාජකාරී කරමින් දෙපාර්තමෙන්තුවේ පරිගණක දත්ත පද්ධතියට පිවිසීමට ඇති අයිතිය භාවිතා කරමින් විදේශ රටක නිශ්පාදිත ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් දත්ත කේ.ඊ. 3845 දරණ ත්‍රීරෝද රථය වෙනුවෙන් ඇති දත්ත වෙනුවට ව්‍යාජ ලෙස දෙපාර්තමෙන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ඇතුලත් කර ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථය වෙනුවෙන් ලියාපදිංචි සහතිකයක් අජිත් කුමාර වලිසුන්දර නමත්තාට නිකුත් කරන ලදැයි රෝහිත සමරවීර නමැති විත්තිකරුට චොදනා නඟා ඇත.
ඊට ආධාර අනුබල දෙන ලදැයි සෙසු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කරන අල්ලස් කොමිසම එමඟින් රුපියල් 26,17,500/-ක පාඩුවක් රාජයට කළ බවටද අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛණ 127ක් සහ සාක්කිකරුවන් 66 දෙනෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණී.නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා මෙම නඩුව ලබන ජුලි 29 වැනිදා යළි කැඳවීමට නියම ක