මින්නේරිය ජාතික වන උද්‍යානයට අයත් ඉහකුළුවැව රක්ෂිත කැලැවතුල අවුරුදු 30 පමණ වයසති ඇතෙකුට වෙඩි තබා මරාදමා ඇති බව මින්නේරිය වනජීවි කාර්යාලය නිලධාරීන් පවසයි .
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ ඉහකුළුවැව හතළිස් එක රක්ෂිතයේ වෙඩි වැදී මිය ගිය ඇතෙකු ප්‍රදේශවාසීන් විසින් දැක පෙරේදා 17උදෑසන ගිරිතලේ පශුවෛද්‍ය නිළධාරීන් දැනුවත් කිරිමෙන් පසූ ගිරිතලේ වනජීවී පසු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් පැමිණ නිරික්ෂණය කර ඇත.
වෙඩි තබා ඝාතනය කර ඇතයි සැකකරන මෙම ඇතා මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන තම නිජබිම ලෙස තබාගෙන සැරිසරමින් සිටි යුනිකෝර්න් (T039) ඇතා බවට සැක කරයි.
උස අඩි නමයක් පමණ වන වයස අවුරුදු 30 .40 කට ආසන්න ඇතෙක් බවත් මීට දිනකට දෙකකට ආසන්න මියගොස් ඇති ආකාරයක් දැක ගැනීමට හැකි බවත් වනජීවි නිළධාරීන් පවසයි.මියගිය ඇතාගේ එක් දළක් අතුරු දහන් වි ඇති බවද වනජීවි නිලධාරීන් කියයි .
වැඩිදුර පරීක්ෂණ ගිරිතලේ පශුවෛද්‍ය සමීර කළිඟු ආරච්චි මහතා ඇතුලු නිළධාරීන් විසින් සිදුකරයි.
බකමූණ සරත් නිශ්ශංක
