තම දරු දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.
එම වෙඩිතැබීමෙන් පියා සහ 06 හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබිම සඳහා පුද්ගලයන් කිහිප දෙනෙක් පැමිණ ඇති අතර වෙඩි තැබිමට ටි. 56 ගිනි අවියක් භාවිත කර තිබේ.
එම වෙඩිතැබීමෙන් යතුරුදියේ ගමන්කළ 38 හැවැරිදි පියා එම ස්ථානයේදිම මියගොස් තිබේ. මරණකරුගේ පුතා සහ දියණිය තුවාල ලබා ඇති අතර දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

