මිද්දෙණිය පොලිස් වසමේදී අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා හා ඔහුගේ දියණිය හා පුත්‍රයා වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම අපරාධය සදහා පැමිණි යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ලංකාවට පිටුවහල් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු වෘයස අවුරුදු 31 ක් වන දෙබොක්කාව පදිංචි ඉෂාන් මධුසංඛ යන අයෙකි.