මීගමුව කුඩා පාඩුව ප්රදේශයේ තවත් හෝටලයක් වැටලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම විසින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කළබවට සැකපිට චීන ජාතිකයන් 31 දෙනෙකු 30 දින අත්අඩංගුවට ගෙනතිබේ මොවුන් අතරින් අටදෙනකු . සතුව ඔවුන් ගේ විදේශ ගමන් තිබී නොමැත.
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට අදාළ සුදු මෙම ස්ථානයේසිට මෙහෙයවා ඇතිබවට පොලිසිය සැකපලකරයි.
ඔවුන් සතුව තිබී පරිගණක 30ක් සහ ජංගම දුරකථන 80කට අධික ප්රමාණයක් පොලිසිය බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර එක් චීන ජාතික කාන්තාවක් ද සිටිබව පොලිසිය පවසයි.
පසුගිය 24 දිනසිට මේදක්වා මීගමුවේ හෝටල් හතරක සිදුකල වැටලීම් වලදී පරිගණක අපරාධ සිදුකිරීම සදහා රැදී සිටිබවට සැකපිට පුද්ගලයන් 15 0 කට ආසන්න විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මොවන් අතර පකිස්තාන් ,නයිජීරියා, නේපාල, මැලේසියා, ඉන්දීය, බංගලිදේශ සහ චීන ජාතිකයන් ද සිටින බවද පොලිසිය පවසයි.
මොවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන පරිගණක ඇතළු විද්යුත් උපකරණ විශාල ප්රමාණයක් ද පොලිසිය බාරයට ගෙන තිබිණි.
මීගමුව ආරක්ෂාකාරීව රහසිගතව රැදිසිටිමින් තම කටයුතු සිදුකල හැකි ප්රදේශයක් ලෙස අන්තර්ජාල අපරාධකරුවන් විසින් හදුනාගෙන තිබි ඇති බව පසුගිය දිනකිහිපයේ මීගමුවේ සිදුකල අත්අඩංගුවට ගැනීම ප්රමාණය අනුව පෙනීයන කරුණකි.
තාවකාලික පදිංචිකරුවන් පිළිබද තොරතුරු නිවාස හිමියන් විසින් හිතාමතාම පොලිස් ස්ථානවලට ලබා නොදීමනිසා අපරාධ කරුවන්ට මෙලස රැදිසිටීමට ඉඩකඩ ලැබී ඇතිබවද ආරක්ෂක අංශ පවසයි.
මිගමුව බර්ටි වීරසිංහ