පසුගිය වසර තුළදී ක්ෂය රෝගීන් 9358 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර එය මෑත කාලය තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
එසේම මේ වනවිට හඳුනාගත් ක්ෂය රෝගීන්ගෙන් දිනකට දෙදෙනෙකු මිය යන බවද එහිදී අවධාරණය කෙරිණ.
ඒ අනුව බස්නාහිර පළාත තුළින් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. එහිදී කොළඹ මහ නගර සභා සීමාව තුළින් වැඩිම රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති බවද සඳහන්ය.
මේ මස 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පැවති අතර ඊට එක්වෙමින් ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය සඳහන් කර සිටියේ සියලු දිස්ත්‍රික් ළය සායන සහ රජයේ සෞඛ්‍ය ආයතනවලදී ක්ෂය රෝග සඳහා වූ පරීක්ෂණ නොමිලේ සිදු කරවා ගත හැකි බවයි.
සති 02කට අධිකව පවතින කැස්ස, සවසට මඳ උණ පැවතීම, බර අඩුවීම, කෑම අරුචිය, රාත්‍රියට අධික ලෙස දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, සෙම සමඟ රුධිරය පිටවීම යනාදිය පෙනහළුගත ක්ෂය රෝගයේ ලක්ෂණ වේ. කෙසේ වුවද නිසි වෛද්‍ය ප්‍රතිකාර , නිසි කාලය තුළදී ලබා ගැනීම මගින් රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකි වේ. මෙවර ලෝක ක්ෂය රෝග දින තේමාව %ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැක^ යන්නයි.