මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම ඉල්ලුම සම්පූර්ණ කිරීමට අවශය බලශක්තිය උත්පාදනය සඳහා 49.53 GWh ශුද්ධ ජනනයක් අවශ්‍ය වූ බවද අමාත්‍යවරයා පවසයි.
එසේම අද උදෑසන වාර්තා වූ සැබෑ ඉල්ලුම සැලකිල්ලට ගත් විට අද දින සඳහා 50 GWh ඉක්මවන ඇස්තමේන්තුගත බලශක්ති ඉල්ලුමක් පුරෝකථනය කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
විදුලි ඉල්ලුම සැපයීම වෙනුවෙන් මෑතකදී පිහිටුවන ලද හම්බන්තොට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනක යන්ත්‍ර ඇතුළු සියලුම ලංවිම තාප බලාගාර විදුලි උත්පාදනය සඳහා යොදා ගැනේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_41fc226d1b.jpg)