ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පැවැත්වූ පෙළපාලි හා මැයි දින රැලි ඉතාමත්ම සාමකාමීව පැවැත්වීම ,නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යෑම හා රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ට සිය රාජකාරී කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිළිබඳව සියලුම දේශපාලන පක්ෂවලට හා සංවිධානවලට සිය ස්තුතිය පිරිනමන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ඊයේ මැයි දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත්වූ හැම ස්ථානයකටම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කළ බව ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.මහජන ආරක්ෂාව වෙනුවෙන් දැඩි කැප කිරීමකින් රාජකාරී කටයුතු නිසි පරිදි ඉටුකළ සියලු පොලිස් නිලධාරීන්ටත් තමාගේ ස්තුතිය පිරිනමන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
සාකල්යා සඳමාලි