2024 වර්ෂයේ මැයි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ ගෙවිය යුතු දේශීය මුලු ණය රුපියල් බිලියන 3732ක් පමණ වෙන බව 2024 අප්‍රේල් මස 28 වන දින ප්‍රකාශයට පත් කොට ඇති මධ්‍යම බැංකු වාර්තාව උපුටා දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.
එම වාර්තාවෙහි ඇති පරිදි මේ වසර අවසන් වීමට පෙර පියවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3732 කට ආසන්න අගයක් දක්වයි. මෙසේ භාණ්ඩාගාර බිල්පත්වලින් ලබා ගෙන ඇති ණයවලින් රුපියල් බිලියන 2977ක් පමණ මේ වසර තුළ දී කල් පිරෙන අතර භාණ්ඩාගාර බැඳුම්කරවලින් ගත් ණයවලින් රුපියල් බිලියන 755 ක් කල් පිරෙනු ඇත. දැනට ලබා ගෙන ඇති භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබා ගත් ණය 2045 වර්ෂයේ මාර්තු මාසය දක්වා කාලයක් තුළ ගෙවීමට ඉදිරියේ දී ගෙවීමට පවතී.
ඒ වන විට ගෙවීමට ඇති මුලු භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 12506 ක් පමණ වේ. භාණ්ඩාගාර බිල්පත්වලින් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 3894 කි. මේ අනුව දෙකෙහිම එකතුව (භාණ්ඩාගාර බිල්පත්වලින් බිලියන 3894කි. භාණ්ඩාගාර බැඳුම්කරවලින් බිලියන 12506 කි.) රුපියල් බිලියන 16,399ක් පමණ වේ. අනාගතයේ දී පවත්නා රජය මෙම දේශීය ණය ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා ක්‍රමවත් පියවරක් ගත යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා අප්‍රේල් 28 වන දින නිකුත් කරන ලද මහ බැංකු වාර්තාව අනුව පෙන්වා දෙයි.
චන්දන සමරවික්‍රම