මේ වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබුණත් එය අඩු ආදායම් ලාභී රටක් ලෙස නැවත වර්ගීකරණය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි අසීරු තත්ත්වය යටතේ ජාත්‍යන්තර ආයතන මගින් ශ්‍රී ලංකාව වෙත ණය ආධාර ල බා ගැනිම පහසු කරලීමේ අපේක්ෂාවෙන් මෙසේ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් දක්වා පහත දැමීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.