පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මාධ්‍ය යොදාගෙන ප්රචාරක කටයුතු කිරීමට රුපියල් මිලියන දෙදහසකට ආසන්න මුදලක් වැය කර තිබෙන බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය සඳහන් කරයි.
විවිධ මාධ්‍යයන් භාවිත කරමින් ප්රචාරක කටයුතු සිදුකිරීම සඳහා මෙම මුදල් වැය කර තිබෙන බවත්, නිරීක්ෂණ සංවිධාන නියෝජතයන් විසින් මුදල් වියදම් කිරීම පිළිබඳව අධීක්ෂණය කළ බවද එම සංගමයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
අදාළ නිරීක්ෂණවල වාර්තා මේ වන විට සකස් කරමින් තිබෙන බවත්, අපේක්ෂකයන්, පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල වියදම් වාර්තා මැතිවරණ කොමිසමට හා තේරීම් භාර නිලධාරීන්ට භාර දුන් පසු නිරීක්ෂණ සංවිධානවල වාර්තා එළිදක්වන බවද පැවසීය.
ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ගෙවීගිය දින තුනක කාලය ඉතාමත් සාමකාමී ලෙස පැවති බවත්, මෙය ඉතාමත් හොඳ තත්ත්වයක් බවද සඳහන් කළේය.
මැතිවරණ ඉතිහාසය සැලකීමේදී පශ්චාත් මැතිවරණ කාලයේදී ඉතාමත් සාමකාමීව පැවති දින තුන මෙය බවද කියා සිටියේය.
සතියේ දිනක මැතිවරණය පැවැත්වීම නිසා අත්‍යවශ්‍ය සේවාවල නිරත පිරිස්වලට ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ බවද පැවසීය.
මේ නිසා ඉදිරි මැතිවරණවලදී මෙම තත්ත්වය වළක්වා ගැනීමට බලධාරීන් මැදිහත් වී යම් ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බවද සඳහන් කළේය.