පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කිරිමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙහිදී රුපියල් බිලියන 5ක් රජයේ ඒකාබද්ධ අරමුදලෙන්ද රුපියල් බිලියන 6ක් 2025 වසර සඳහා ඉදිරිපත් කිරිමට නියමිත අතුරු සම්මත ගිණුමෙන්ද ලබා ගැනීමට නියමිතය.