මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඔක්තෝම්බර් 11 දා සිට මේ දක්වා මාසයක කාලය තුළ සමාජ මාධ්‍ය හා සම්බන්ධ පැමිණිලි 490 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එම පැමිණිලිවලට අදාළ අන්තර්ගතයන් අදාළ සමාජ මාධ්‍ය ආයතන වෙත යොමු කිරීමෙන් පසු එයින් අන්තර්ගතයන් 184 ක් එම ආයතන මගින් ඉවත් කර අන්තර්ගතයන් 87 ක් ඉවත්කර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඉතිරි අන්තර්ගතයන් 219 සඳහා පසු විපරම් පණිවුඩ ලැබීමට නියමිතව ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙලෙස ලැබුණු පැමිණිලිවලින් 179 ක් අපහාසාත්මක අන්තර්ගතයන් සම්බන්ධයෙනි.වෛරී ප්‍රකාශන 67 ක් දුස් තොරතුරු 52 ක් ,ළමුන් සම්බන්ධයෙන් 39 ක්,මැතිවරණ පනතට පටහැනි 124 ක් සහ වැරදි පුවත් 29 ක් වශයෙන් ඉතිරි අන්තර්ගතයන් පැවති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.