පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හෙට (15දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම සාකච්ඡාවෙහිදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකු ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල තීරණය කිරීමට ද නියමිතව තිබෙන අතර මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු මැතිවරණයේදී වියදම් කළ හැකි මුදල තීරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධ ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු මැතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු හා මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙය වේ.