පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල්වරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ලබන 23දාම සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ එම පෙත්සම මෝසමක් මගින් අද දිනයේදි කැඳවූ අවස්ථාවේදිය. මෙහිදී මැතිවරණ කොමිෂම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද විමසීම කල්ගොස් ඇති හෙයින් පෙත්සම යළි කැඳවිමට මුලින් තිරණය කළ දිනයේදීම එය කැඳවන ලෙසයි.
ඊට අනෙකුත් පාර්ශ්වයන්ගෙන් විරුද්ධත්වයක් එල්ල නොවීම හේතුවෙන් පෙත්සම යළි 23දාම කැඳවිමට ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කළේය.