කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ දෙවනි රැල්ලක් මතු වි ඇති නිසා ඡන්දයට වඩා ඡන්ද දායකයාගේ ජිවිතය වටිනා බැවින් පවත්නා අවධානම මත මහ මැතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
හැටන් ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කටයුත්තකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් නවින් දිසානායක මහතා අද (13) මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නවින් දිසානායක මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල පැතිර යාමේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ රජය නිසි තොරතුරු රටට හෙළි නොකරන බවයි.
ඡන්දදායකයා මේ වන විට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ දෙවන රැල්ලට බිය වි ඇති නිසා ඡන්දය නිසි දිනට පැවැත්වුණද ඡන්දය භාවිතා කිරිමට පැමිණෙන ප්‍රතිශතයේ විශාල අඩුවක් පැවතිය හැකි බවද නවින් දිසානායක මහතා පැවසිය.
රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය භාවිතා කිරිමේදි ඒ පිළිබදව දෙවරක් සිතිය යුතු බවත් , අද රාජ්‍ය සේවකයින් මර්දනය කිරිමේ වැඩපිළිවෙලක් රජය විසින් දියත් කර ඇති බවද නවින් දිසානායක මහතා පැවසිය.
එක්සත් ජාතික පක්ෂය දෙකඩ විම නිසා එහි වාසිය ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානයට ලැබි ඇති බවත් , මැතිවරණ ප්රචාරක කටයුතු වලදි ආණ්ඩු පක්ෂයට එක් නීතියකුත් , විපක්ෂයට එක් නීතියකුත් ක්‍රියාත්මක වන බවයි නවින් දිසානායක මහතා කියා සිටින්නේ.
එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂය දෙකඩ විම පිළිබදව දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් , එක්සත් ජාතික පක්ෂයේ අතිත නායකයන් පිළිබදව සහ ඔවුන් රටට සිදු කල සේවාවන් පිළිබදව වර්තමාන තරුණ පරපුර ඒ පිළිබදව අවබෝධයකින් තොරව කටයුතු කරන බවද නවින් දිසානායක මහතා පැවසිය.