මැතිවරණ වියදම් වාර්තා නියමිත දිනට භාර නොදෙන පාර්ලිමේන්තුවට තරග කළ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපෙක්ෂකයන්ට නීති මගින් කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ මස 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර මැතිවරණ ප්රචාරක ආදායම් වියදම් වාර්තා භාර දිය යුතු බවත් අදාළ කාලයෙහි වාර්තා භාර නොදීම වරදක් බවත් මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
වාර්තා භාර දීම සඳහා රාජකාරි දිනවල සවස 6.00 දක්වාත් මේ මස 06 වැනි දින රාත්‍රී 12.00 දක්වාත් අදාළ කාර්යාල විවෘතව තැබීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
මේ අනුව සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අපෙක්ෂකයන් විසින් තරගකරන ලද මැතිවරණ දිස්ත්‍රික්කයේ තේරම්භාර නිලධාරීන් වෙත අදාළ භාර දිය යුතු බවද පෙන්වා දෙයි.
ජාතික ලැයිස්තු අනුව නම් කරන ලද අපෙක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බවද සඳහන් කරයි.