2024 මහ මැතිවරණය හේතුවෙන් නොවැම්බර් 14 වනදා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු වරුවකට පමණක් සිමා කර තිබේ. ඒ අනුව එදින කොළඹ කොටස් වෙළඳපොළ උදෑසන 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ගනුදෙනු සිදු කරනු ඇත.
මේ අතර අද (11) දිනය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL 20 දර්ශකය වර්ධනයක් පෙන්නුම්කර තිබුණි.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 74.86ක වර්ධනයක් පෙන්නුම්කළ අතර S&P SL 20 දර්ශකය ඒකක 23.16කින් ඉහළ ගියේය. දිනයේ වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් විය.