නොයෙකුත් උපක්‍රම යොදමින් මැතිවරණ කල් දැමීමට රජය පිඹුරුපත් සකසමින් සිටින බවත්, ඒ අනුව එය පරාජය කිරීමට විපක්ෂය එකා මෙන් සටන් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේය.
නිදහස ජනතා සභාව විසින් කොළඹදී අද (03දා) පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම සමාජ ස්ථාවරභාවයෙහි මූලිකාංගයක් වන බවයි.
එසේම රජය පාර්ශ්වය මගින් ඉදිරිපත් කරන ජනමත විචාරණයක් පැවැත්වීම නීත්‍යනුකූල හා සදාචාරාත්මක නොවන බවද සඳහන් කළ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධ දිනවකවානු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් හිමි නොවන බවත්, එහි මූලික කාර්යභාරය ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බවත් පැවසීය.