ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් විදේශගත විමට වීසා ලබාගෙන ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ (12) දින සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයේ පැවැත් වු ජනාධිපතිවරණ ප්රචාරක රැස්විමකට සහභාගි විමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ මේ දිනවල ඇතැම් පිරිස් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නේ එක් එක් අපෙක්ෂකයන්ගේ උවමනාවට බවත්, එය සැබැ ජන මතයක් නොවන බවත්, මෙවර ජනාධිපතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය 80% ක ජන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවයි.
ජනාධිපතිවරයා වතු කම්කරුවන්ගේ වැටුප රු 1700 දක්වා වැඩි කර ඇති බවට කොටගල පැවති මැයි දින රැස්විමේදි ප්‍රකාශයට පත් කලද (11) දින වතු කම්කරුවන් මාසිකව වැටුප ලබාගත් බවත්, එම කම්කරුවන්ට වැඩි කල කිසිදු වැටුපක් නොලැබුණු නිසා වතු කම්කරුවන්ගේ ජන්දය මෙවර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තිරණය කර ඇති බවයි වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරිපත් වන නිසා සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රිවරයෙක් විදෙස්ගත විමට කිසිදු අදහසක් නොමැති බවද වි.රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසිය.