ඊයේ 28දා රාත්රීයේ මැණික්හින්න රෝහල තුළ හටගත් කළහකාරී තත්ත්වයක් හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මැණික්හින්න ප්රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේ තුවාල ලැබු පුද්ගලයෙකු ප්රතිකාර සඳහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ද අවුරුදු උත්සවයකට සහභාගීවී තිබීම හේතුවෙන් ප්රතිකාර කිරීමට ප්රමාද වී ඇති බවත් ඒ සම්බන්ධවෙන් විමසීමේ දී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ තුවාල ලැබු පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
පසුව මෙය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එහිදී දෙපාර්ශ්වයේම පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තුවාල ලබා ඇත ඒ අතර තුවාල ලැබුවන්ගෙන් 05 දෙනෙකු මැණික්හින්න රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් බව ද පොලීසිය සඳහන් කළේය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය මැණික්හින්න පොලීසිය මැදිහත් වීමෙන් ගැටුම සමතයකට පත් කිරීමට පියවර ගෙන ඇති අතර එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට පියවර ගෙන තිබිණි.