පොසොන් පොහොය යෙදුණු ඊයේ දින කලු ගලක් තුළ තිබෙන බව කියන මැණික් පුරවන ලද සෙම්බුවක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටි බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු කැනීම් සඳහා යොදාගත් විදුලි උපකරණ ,රසායන ද්‍රව්‍ය හා පූජා ද්‍රව්‍ය සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
ගොලුවාමුල්ල, වැලිමානාන ප්‍රදේශයේ පිහිටි සිය නිවස අසල පිහිටි කලුගලක කැනීම් සිදුකරමින් සිටියදී සැකකරු මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
තම දරුවෙකුගේ කේන්ද්‍රය බැලූ නක්ෂත්ර කරුවෙකු විසින් පැවසූ අනාවැකියකට අනුව කට්ටඩියකු ගෙන්වා දින තුනක් පුද පූජා පවත්වා මැණික් සෙම්බුව ගැනීම සඳහා මෙම කැනීම සිදුකළ බව සැකකරු පොලීසියට පැවසූ බවද පොලීසිය පැවසීය.
සැකකරු හා අත් අඩංගුවට ගත් උපකරණ කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් ඇල්පිටිය පොලීසියට බාර දී ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.