හපුතලේ ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි කණ්ඩායමක් සෙල්ලකතරගම මැණික් ගඟේ පාලම අසල දිය නාමින් සිටියදී අද (28 ) එක් තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇති බව කතරගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ, දඹේතැන්න, බණ්ඩාර එළියවත්ත ලිපිනයේ පදිංචි මෝගන් රාජ් සරන් නැමති 16 හැවිරිදි තරුණයකු වන අතර ඔහු හපුතලේ දෙමළ මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, මෙම වසරේ දී අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අයෙකු බව ද සිසුවාගේ පියා විසින් පවසයි.
සෙල්ලකතරගමට පැමිණ දේවාලයේ පූජාවන් තැබීමට පෙර දිය නාමින් සිටියදී පුතා දක්නට නොලැබීම හේතුවෙන් කණ්ඩායමේ සිටි අනෙකුත් පිරිස සමඟ දිය යට කිමිදී ගල් වලක තිබී ඔහු සොයාගෙන රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එන විටදීත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසූ බව මියගිය සිසුවාගේ පියා පවසයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ