කොළඹ මැගසින් බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සමඟ හොරයින් මත්කුඩු ග්‍රෑම් 18 මිලි ග්‍රෑම් 762 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පදිංචි බොරැල්ල සර්පනටයින් පාර නිවස තුළදීය.
බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තාව සමග දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් අනතුරුව ඇය විසින් අවිස්සාවේල්ල නවගමුව කඩුවෙල ගනේමුල්ල ආදී දුර බැහැර ප්‍රදේශවල ඇයගේ ජාවාරම්කරුවන් මගින් ගැනුම්කරුවන් වෙත මත්කුඩු ලබාදීම සිදුකරන බවත් සැකකරු ද ඒ ආකාරයෙන් මත්කුඩු නිවසට රැගෙන ආ බවට බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාට ලදරහසිගත තොරතුරකට අනුව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තාව ලබාදෙන උපදෙස් මත එම ජාවාරම ඒ අයුරින් සිදුකරන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු 37 පුද්ගලයෙකි. සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.