මැගසින් බන්ධනාගාරයට අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන පුද්ගලයකු කිරුළපන අන්දරවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
එම සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 50 මිලිගෑම් 200 ක් හා ප්‍රවාහනයට යොදාගත් තීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත
යුක්තියේ මෙහෙයුමට සමගාමීව කිරුළපන පොලිසියේ නිලධාරීන් සිය වසමේ සංචාරයේ යමින් සිටියදී විදුලි පහන් නිවාගෙන ධාවනය වූ තීරෝද රථයක් නවතා සිදු කළ පරික්ෂාවේදී සැකකරු සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයකු නාඳුනන පුද්ගලයන් හරහා තමන් ඔහු වෙත ලබාදෙන මත්ද්‍රව්‍ය කොටස්කර එම පුද්ගලයා ලබාදෙන (ලොකේෂන්) ගමන් මාර්ග හරහා විවිධ ස්ථානවලට රැගෙන යාම තමන්ට පැවරී ඇති කාර්ය බව අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු තීරෝද රථ රැකියාව කරන මුවාවෙන් කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. 47 හැවිරිදි සැකකරු අන්දරවත්ත මහල් නිවාස වල පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි.
සැකකරු විදේශගතව සිටින කිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා සම්බන්ධව වාරම සිදු කරන්නේද යන්න සහ එම ජාලයට සම්බන්ධ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.