නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සහ තවත් රැඳවියන් දෙදෙනකු අමානුෂික ලෙස පහර දි ලුණු වතුර පෙවීම හේතුවෙන් අසාධ්‍යව මියගිය බව සඳහන් කරමින් ඔහුගේ බිරිඳ කල පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහරගම, නාවින්න දේවානන්ද පාර පදිංචිව සිටි එස් ඩි නිශාන්ත ගැමුණුජිත් 54 නැමැත්තෙකි.
සැකකටයුතු ලෙස මියගිය නිශාන්ත ගැමුණුජිත් මහතාගේ බිරිඳ වන කේ. ඩි. රසිකා සංජීවනී බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් , හොරෙයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හේතුවෙන් මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉකුත් 23 වෙනි දින සිට සිටි බවත් ඉකුත් 25 සැමියා බැලීම සඳහා බන්ධනාගාරයට ගිය බවත් ඔහු හොඳින් පසුව බවත් 26 වෙනි ස්වාමිපුරුෂයාට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු පහර දුන් බව බන්ධනාගාර රැඳවියකු විසින් දැනුම් දුන් බව ඇය කරනක්ද පැමිණිල්ලේ සඳහන්ය.
සිරකරු අංක 2292 යටතේ බන්ධනාගාර රෝහලේ සිව් දිනක් ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
තම සැමියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට දැන ගැනීමෙන් පසු එහිගොස් බැලීමේදී අංක 42 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් එම අවස්ථාවේදී සැමියා කිසිවක් කතා නොකළ බවත් ඉකුත් 16 වෙනි දින සැමියා මියගිය බව දැනගන්නට ලැබුණු බවත් ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
තම සැමියා අයිස් මත්ද්‍රව්‍ය ගිල දැම්මා පවසමින් වමනය කරවීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදී ලුණු වතුර පවා ඇති බව වැඩි දුරටත් දැනගන්නට ලැබුණු බව ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය
අදාල රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ එන් වාට්ටුවේ රඳවා සිටි. සැකකරුවන් සිව් දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිස් නිලධාරීන් විසින් කටයුතු කර තිබිණි
අපරාධ ස්ථාන නිලධාරීන් කැඳවා ස්ථාන පරික්ෂාවක් සිදු කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීය.අදාළ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන් බව බොරැල්ල පොලිසිය කියයි.බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා පරීක්ෂණ පවත්වයි.