අධිවේගී මාර්ග පද්ධතිය තුළ මෙම වසරේ ගෙවුණු මාස දෙකට සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇතැයි අධිවේගී කොට්ඨාස රථ වාහන පොලීසිය කියයි. එකී මරණ නවය අනතුරු හතකින් සිදුවී ඇත.
ඉකුත් වසර තුළම එම මාර්ග පද්ධතිය තුළ සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව සිව් දෙනෙකු බවත්, මෙම වසරේ මාස දෙක තුළ සිදු වූ අනතුරු සමග ගත් කල ප්‍රතිශතයක් ලෙස සියයට සීය ඉක්මවීමක් බව පොලීසිය සඳහන් කරයි. මෙම දත්ත පිළිබඳ හෙළිවූයේ පෙරේදා ( 27දා ) කුරුඳුගහ හැතැප්ම, පෝද්දල පොලිස් බල ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුත්තක නිරත වෙමින් සිටි කොන්ත්‍රාත් පදනම මත සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට ලක්ව මිය යාමත් සමගමය.
ඒ ආකාරයෙන් මීට මාසයකට පමණ ඉහතදී එනම් ජනවාරි 25 වැනි දින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී අනතුරකින් මියගියහ.
එකී අනතුරු දෙකින් එම වාහනවල රියදුරන්ට කිසිදු තුවාලයක් සිදු නොවීම විශේෂත්වයකි.
මෙම අනතුරු දෙකම අධික වේගයෙන් වාහන ධාවනය කිරීම හේතුවෙන් සිදු වූ මාරක අනතුරු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණ.