අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ මහ පාර අයිනේ දමා ගිය මාස දෙකක් පමණ වයැසැති සිගිත්තෙක් අද(10) උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව මහ පාර අයිනේ හඩමින් සිටි මේ සිගිත්තා සොයා ගත් බවද පොලීසිය කියයි.
සිගිත්තිය අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් විසින් මේ සිගිත්තා මහ පාරෙන් ගෙන වහාම බලපිටිය මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.
සිගිත්තාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම යහපත් බව බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් කීවේය. සිගිත්තාගේ මව සොයා පරීක්ෂණ අද (10)ආරම්භ කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
