විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින ආචාර්යවරු මහාචාර්යවරු රට හැර යාම හේතුවෙන් මෙරට බුද්ධිගලනයට විශාල බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවත් එය අවම කර ගැනීම සඳහා මේ අවස්ථාවේදී රජය විධිමත් මැදිහත්වීමක් අවශ්‍ය කරන බව විශ්ව විද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පවසයි .
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 11900 ක් සිටිය යුතු වුවත් මේ වන විට සේවයේ නියුක්තව සිටින්නේ ආචාර්යවරුන් 6000 ටත් අඩු පිරිසක් බවත් ඒ හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යෑම සඳහා දැනට සේවයේ නියුතු ආචාර්යවරුන්ට පමණට වඩා වෙහෙසීමට සිදුව තිබෙන බවත්ය .
විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැර යාම හේතුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතියට සිදුවන බලපෑම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය ජනවාරි මාසයේ දී විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවයේ නියුතු ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 6300 ක් දක්වා අඩු වී තිබුණ බවත් ඉන් අනතුරුව ගෙවුණු මාස හතක කාලයකදී තවත් ආචාර්ය මහාචාර්යවරුන් 500-600 අතර සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙන බවත්ය .
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැර යාමෙන් බලපෑමක් සිදු වන්නේ රජයේ විශ්ව විද්‍යාලවලට පමණක් යැයි ඇතැමුන් පැවසුවත් එය මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඉගැන්වීම් කටයුතු වලට ද එය බලපා ඇති බවත් එම විශ්ව විද්‍යාල වලද ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ රජයේ විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුන් බැවින් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද මහාචාර්යවරයා පැවැසීය .
ආචාර්ය මහාචාර්යවරුන්ට ඉතා පහසුවෙන් විදේශ රටවල රැකියා අවස්ථා ලබා ගත හැකි පිරිසක් බවත් අධික බදු බරක් සමග මෙරට තුළ හොඳ ජීවන තත්ත්වයක් ගෙන යාමට අවස්ථාව නොමැති නම් ඔවුන් රට හැර යාම වැළැක්විය නොහැකි බව පැවසූ මහාචාර්යවරයා වෛද්‍ය වරු විදේශ ගත වීම මගින් මෙරට රෝහල් පද්ධතියට එල්ලවන බලපෑම හා සමාන බලපෑමක් ආචාර්යවරු මහාචාර්යවරු විදේශගත වීම ඔස්සේ අධ්‍යාපන ක්ෂේත්රයට එල්ල වන්නේ යැයි ද පැවසීය .