2024 වසරේ ජනවාරි 01වන දින සිට මාර්තු 31වෙනි දින දක්වා කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 53දෙනකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.මෙම මරණ සිදුවී ඇත්තේ සියදිවි නසා ගැනීම්, අසනීප තත්ත්වයන්සහ පහරදීම් හේතුවෙන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අන්දමින් පසුගිය 2023 වර්ෂයේදී බන්ධනාගාර රැඳවියන් 209දෙනෙකු මියගොස් තිබේ. ඒ අතර කාන්තා රැඳවියන් 6දෙනෙකුද, පිරිමි රැඳවියන් 203දෙනෙකුද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මෙම පිරිස අතර විදෙස් ජාතිකයන් තිදෙනකුද වෙයි.මෙලෙස 2022 වර්ෂයේදී බන්ධනාගාර තුළ 144දෙනෙකු මියගොස් සිටින අතර, පිරිමි රැඳවියන් 139දෙනෙක්ද, කාන්තා රැඳවියන් 05දෙනෙක්ද ඒ අතර විය.
කමල් ශ්‍රී ලියනගේ