ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කෝවිඩ් වයිරසය ආසාදනය වි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
අගොස්තු මස 01 වැනිදින සිට සැප්තැම්බර් මස 30 වැනිදින දක්වා කාලය තුළදි රෝහල් කාර්යමණ්ඩල සේවකයින් සදහා සිදු කළ පරීක්ෂණවලින් මෙම පිරිස හඳුනාගත් බව ද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.
කොවිඩි වෛරසය ආසාදනය වුවන් අතර වෛද්‍යවරුන්, හෙද හෙදියන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ද සිටින බවද ඒ මහතා කියයි.
මෙ අතර ඉකුත් පැය 24 කාලය තුළදී කරාපිටිය ශික්ෂණ රෝහලට කොවිඩි ආසාදිත රෝගින් 21 දෙනකු ඇතුළත් කරගෙන ඇති අතර කොවිඩි මරණ 06ක් සිදුවී ඇත.
චන්දන සමරවික්‍රම/ හිනිඳුම රවීන්ද්‍ර ශ්‍රී ලාල්