ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට අද දින සවස 3.06 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස මත්තල ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කෙරුණි .
ඒ පරීක්ෂණ වල ප්රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා දී තිබුණි .