මාර්තු 9 වැනිදා පෙර සැලසුම් කළ පරිදි මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන නව දිනය කොමිෂම විසින් මාර්තු 3 දා ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් පැවැත්වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. මේ අතර මැතිවරණය පැවැත්වීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් කොමිෂම විසින් කථානායකවරයාට ලිපියක් යොමු කිරිමටද තීරණය කර තිබේ.