ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වවිමින් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන බාහිර මැදිහත්වීම්වලට චීනය විරුද්ධ බවයි.
විශේෂයෙන්ම සංහිඳියාව,ත්‍රස්තවාදය මැඬලීම සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහය චීනය අගය කරන බව තානාපති චෙන් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර රටක් ලෙස චීනය ශ්‍රී ලංකාවට ජාතික ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ආර්ථික ප්‍රකෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි ලෙස සහාය දක්වන බවද ඔහු පැවැසීය.
තාවකාලික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ජනතාව මෙහෙයවීමට ශ්‍රී ලංකා රජයට හැකි බව චීනය විශ්වාස කරන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව දේශපාලනීකරණයේ ප්‍රතිඵලයක් බව චීන නියෝජිතවරයා අවධාරණය කළේය. එය අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්මවලට අනුකූල නොවේ.
එය ශ්‍රී ලංකාව විසින් පිළිගෙන නොමැති අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාධනීය කාර්යභාරයක් ඉටු කර නොමැත.
ඕනෑම රටක් ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට චීනය විරුද්ධ වන අතර, ශ්‍රී ලංකාව සිය ජාතික තත්ත්වයන් අනුව ස්වාධීනව තෝරාගෙන ඇති මානව හිමිකම් සංවර්ධන මාවතට ගරු කරන ලෙසත් පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.