මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයෙ 9 රාත්‍රියේ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමේන් සිදුවු අනතුරීන් තිදෙනෙකු මරණයට පත්ව ඇතිබව මාදම්පේ පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ එකම පවුලේ මව හා අවුරුද්දක දරුවෙකු හා ඥාති දියණියක් ඇතුළු පිරිසක් ගමන් ගත් ඩිසල් ත්‍රි රෝද රථයක් බස් රථයක ගැටිමකින් සිදුවු අනතුරකින් බව පොලිසිය කියයි.
දැනට පොලිසිය පවසන ආකාරයට තලවිල සිද්ධස්ථානයෙ මාර්තු මංගල්‍යයට සහභාගි වි ආපසු මිනුවන්ගොඩ බලා ගමන් කරමින් තිබු ඩිසල් වර්ගයෙ ත්‍රි රෝද රථය මෙලෙස බස් රථයක ගැටි ඇති බව කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඩිසල් වර්ගයෙ ත්‍රි රෝද රථයෙ කුඩා දරුවන් ඇතුළු හත් ෙදෙනෙකු පමන ගමන කර ඇති බවත් අනතුරීන් මරණයට පත්වු කුඩා දරුවාගේ පියා ඇතුළු තිදෙනෙකු තුවාල කරුවන් අතර සිටින බව පොලිසිය කියයි.
මෙම පිරිස තලවිල මංගල්‍යයට සහභාගි වි ආපසු මිනුවන්ගොඩ බලා ගමන් කරමින් සිටියදී අධික වාහන තදබදය මැද ගමන් කරමින් සිටියදී කොළඹ සිට හලාවත දක්වා ගමන් කරමින් තිබු බස් රථයක මෙලෙස ගැටි ඇති බවද මාදම්පේ පොලිසිය වැඩි දුරටත් පවසයි.
