රුපියල් 60 – 70 අතර මිලකට මාතලේ දිස්ත්‍රික්කයේ අලවි වන බිත්තර මිලදී ගැනීම සදහා පාරිභෝගිකයින්ගේ පැමිණිම සැලකිය යුතු අන්දමින් අඩුවී ඇතැයි සුළුපරිමාන බිත්තර අලවිකරුවෝ කියා සිටිති.
අවස්ථා ගනනාවක දී විවිද මිල ගනන් යටතේ මිල වැඩිකිරිම් සිදුකරන ලද බිත්තරවල අධික මිල වැඩිවීම් හේතුවෙන් පාරිභෝගිකයින් සැලකියයුතු පිරිසක් මේ වන විට බිත්තර මිලට ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඔවුහු කියා සිටිති.
මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ බිත්තර නිෂ්පාදකයින් කියා සිටියේ කෑම ඇතුළු බෙහෙත් ද්‍රව්‍යවල පවත්නා මිල ඉහළ යැම් හේතුවෙන් බිත්තර මිල ඉහල දෑමිමට සිදුවී ඇති බවයි. එහෙත් මේ වන විටත් සිය නිෂ්පාදනයන් තුළි නිසි ලාභයක් නොලබන බව ද ඔවුහු කියා සිටියහ.
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, මාතලේ, නාඋල, මඩවල පලාපත්වල ආදී ප්‍රදාන උප නගරවල බිත්තර අලවිසැල්වල හිමිකරුවන් රැසක් කියා සිටියේ අලවිය සදහා රැගෙනවිත් ඇති බිත්තර පාරිභෝගිකයින් විසින් ලබාගැනීම මන්දගාමි අන්දමින් සිදුවන බවයි
ඉන්දික අරුණ කුමාර