දින ගනනක් තිස්සේ මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බහුල වශයෙන් දිස්ත්‍රික්කය පුරා වගා කර ඇති තක්කාලි වගා වලට බලපෑම් එල්ල වී ඇතැයි ගොවිහු කියා සිටිති.
වැසි හේතුවෙන් කෘෂි රසායන යෙදිම,අස්වනු නෙළිම හා වගා නඩත්තු කටයුතු ද අඩාල වී ඇතැයි ගොවිහු කියා සිටිති.
ගොවීන් විසින් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ,නාඋල,ලග්ගල සහ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල බහුල වශයෙන් තක්කාලි වගාකර තිබේ.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 200.00 ත් 230.00 ත් අතර මිලක පවතියි.
කෙසේ වෙතත් මාතලේ දිස්ත්‍රික්කයේ තක්කාලි වගාකරුවන් කියා සිටියේ මුල්‍ය ආයතන වලට ණය වී හා සිය කණකර අඹරන උගසට තබා වගාකටයුතු සිදුකර ඇති බැවින් මෙවර තක්කාලි වගාවන් වලින් බලාපොරොත්තු වු පරිදි ආදායමක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවයි.
ඉන්දික අරුණ කුමාර
