විවිධ සමාගම් හා රාජ්‍ය අනුග්‍රහය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වගාකරනු ලැබු ටොම් ඇන්ඩ් ඊ ජේ සි අඹ විශේෂයේ අධික අස්වැන්නක් ලැබීම් හේතුවෙන් කිලෝවක් රුපියල් සීයයක් වැනි මිලකට මේ දින වල අලවි වන බැවි වගාකරුවෝ කියා සිටිති.
වගාවන් සදහා පැල හා අවශ්‍ය උපදෙස් ලැබුන ද අලවිය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නොමැති කම හරහා ටී ජේ සි අඹ වගා කල බොහෝ ගොවීන් මේ වන විට සිය අස්වනු අඩු මුදලට අලවි කිරිමට සිදුවීම සම්බන්ධයෙන් කනස්සල්ල පලකරති.
මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට ටී ජේ සි අඹ විශේෂයේ පැල දහස් ගනනක් වගාකර තිබේ.
වියළි කාගුණික තත්ත්වයක් යටතේ හොඳ අස්වැන්නක් ලැබෙන මෙම ශාකය වගා කල අවස්ථාවන් වල දි අඹ කිලෝවක් රුපියල් අට සීයයක් වැනි මිලකට අලවි වු බැවි ගොවින් කියා සිටිති.
මේ වන විට අඹ ශාක දහස් ගනනක අස්වැන්න එක වර ලැබීම හා මිලදී ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් සිය අස්වැන්න කුණුකොල්ලයට දීමට සිදුවී ඇති බව වගාකරුවෝ කියා සිටිති.
ටී ජේ සි අඹ විශේෂ සදහා විශේෂ පොහොර මෙන්ම ගෙඩි ආවරණය සදහා විශේෂයෙන් සැකසු බෑග් වර්ග අවශ්‍ය බවත් ඒ සදහා විශාල පිරි වැයක් දැරීමට සිදුවන බවත් වගාකරුවෝ කියා සිටිති.
පසුගිය දිනවල දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ටි ජේ සී අඹ කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 180.00 ත් 200.00 ත් අතර මිලකටය.
කෙසේ වෙතත් මේ වන විට මහනුවර හා මාතලේ නගර වල පදික වේදීකා වල ටී ජේ සි අඹ කිලෝවක සිල්ලර මිල වර්තා වුයේ රුපියල් සීයයක් ලෙසිනි.
නාවුල ඉන්දික අරුණ කුමාර