මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ මාතර ශාඛාව විසින් රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලියේ දි සිදුවි ඇති අක්‍රමිකතා පිළිබද කඩිනමින් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකර ආයතන සංග්‍රහය ප්‍රකාරව මෙයට සම්බන්ද පාර්ශවයන් සදහා විනය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර් දේශ කොට ඇත.
මාතර ශාඛාව විසින් රියදුරු බලපත්‍ර ලබාදිම සදහා සමත්විය යුතු ලිඛිත පරික්ෂණයන් සදහා ලැයිස්තුගත නොවු අයදුම්කරුවන් 18 දෙනෙකු සදහා ප්‍රා යෝගික පරික්ෂණ අවසානයේ වලංගු රියදුරු බලපත්‍රයක් ලබාදිමට කටයුතුකර තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම ලිඛිත පරික්ෂණ දිනයේදි සහභාගි නොවිම හේතුවෙන් පරික්ෂණ සටහන් ලේඛනයෙහි පැමිණ නොසිටි ලෙස සටහන්වු අයදුම්කරුවකු, ලිඛිත පරික්ෂණය සමත් බවට ව්‍යාජ ප්‍රථිපල ඇතුලත් කර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.එමෙන්ම ලිඛිත පරික්ෂණයේ දි කිසිදු ලකුණක් ලබා නොගත් අයදුම්කරුවකු විභාගය සමත් බවට ව්‍යාජ ප්‍රථිපලයක් ඇතුලත් කර සහ ලේඛන යාවත්කාලින කර ප්‍රා යෝගික පරික්ෂණයන්ට යොමුවිමට හා ප්‍රා යෝගික පරික්ෂණ අවසානයේ වලංගු රියදුරු බලපත්‍රයක් ලබාදිමට කටයුතුකර තිබු බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.
තවද රියදුරු බලපත්‍ර ලබාදිම සදහා සමත්විය යුතු ප්‍රා යෝගික පරික්ෂණයන්ට ලයිස්තුගත නොවු අයදුම්කරුවන් 10 දෙනෙකු සදහා රියදුරු බලපත්‍ර නිකුත්කොට තිබුණි. ප්‍රා යෝගික පරික්ෂණ සදහා පෙනි නොසිටිම හේතුවෙන් ප්‍රථිපල ලේඛනයේ පෙනි නොසිටි ලෙස සටහන් වි ඇති එක් අයදුම්කරුවකුට, ප්‍රා යෝගික පරික්ෂණ ලේඛනයෙහි අදාල පරික්ෂණ අසමත් බවට තොරතුරු ඇතුලත් වි ඇති අයදුම්කරුවෙකුට, සහ ප්‍රා යෝගික ලේඛනයන්හි කිසිදු සටහනක් ඇතුලත් නොවු අයදුම්කරුවන් පස් දෙනෙකු වෙනුවෙන් ප්‍රායෝගික පරික්ෂණ සමත් බවට ව්‍යාජ දත්ත ඇතුලත්කර වලංගු රියදුරු බලපත්‍රයක් නිකුත්කිරිමට කටයුතු කර තිබුණි.
එමෙන්ම රියදුරු බලපත්‍ර නිකුත් කිරිම සදහා අවශ්‍යවන ලිඛිත පරික්ෂණයක් සදහා පෙනි නොසිටි එහෙත් ලිඛිත පරික්ෂණයක් පැවැත්වු දිනයකදි එදින භාවිතා නොවු විභාග අංකයන් සහ ව්‍යාජ ප්‍රථිපලයන් ඇතුලත්කර එක් අයදුම්කරුවෙකුට රියදුරු බලපත්‍රයක් ලබාද තිබුණි.ලිඛිත හා ප්‍රායෝගික පරික්ෂණය යන පරික්ෂණ ද්විත්වයට පෙනි නොසිටියදි එක් පරික්ෂණයක් සමත් බවට ව්‍යාජ තොරතුරු ඇතුලත්කර රියදුරු බලපත්‍ර ලබාදිමට අවස්ථාව ලබාදි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ ප්රධානගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ විගණන නිරික්ෂණ සමග එකගවන බවය. මාතර කාර්යාලයේ ප්‍රධාන මෝටර් රථ පරික්ෂක හරහා මේ පිළිබද විමර්ශනයක් සිදුකළ බවත් සැක සහිත හා විගණනයෙන් පෙන්වාදෙන කරුණුවලට අදාල සියලු ගොනු ඔවුන් විසින් පරික්ෂාකර ඇති බවද ගණන්දිමේ නිලධාරිවරයා සදහන්කොට ඇත. ඒ අනුව අදාල අක්රමිකතාවලට සම්බන්ද කාර්යාලිය නිලධාරිණියකගේ සේවය අත්හිටුවා ඇති බවත් මේ පිළිබද විමර්ශන සිදුකරමින් පවතින බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.