නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග පස් කඩා වැටීමෙන් මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලුතිනන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා පැවසීය.
එසේ මරුමුවට පත්ව ඇත්තේ මුලටියන දෙනගම පල්ලාවල ප්‍රදේශයේ දී පස් කන්දකට යට වීමෙන් සමරප්පුලි හේවලාගේ කසුන් සදමල් (27) හා පිටවල්ගමුව වංචාවල හේවා හකුරුගේ නුවන් සමීර (20) නැමැති තරුණයින් දෙදෙනෙකි.
එම අනතුරින් තවත් තරුණයෙකු තුවාල ලබා ඇත.මීට අමතරව අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද නිවසක් මතට පස් කන්දක් කඩා වැටී එකම පවුලේ මව,පියා හා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
අනතුරු දෙකෙන් තුවාල ලැබු එම පස් දෙනාම වෛද්‍ය ප්‍රතිකාර සදහා කරාපිටිය මහ රෝහල වෙත පිටත් කල බව ලුතිනන් කර්නල් ආරියවංශ මහතා කීය.
මේ අතර නිල්වලා ගගේ ඉහල කොටසට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවට හේතුවෙන් මේ වන විට මහ ගංවතුර මට්ටමක් ඇති වීමේ අවධානමක් ඇති වී තිබේ.
පිටබැද්දර ජල මාපකයේ මහ ගංවතුර මට්ටම මීටර් 6.00 ක් වුවද ඊයේ (02) උදෑසන 10.00;වන විට ජල ප්‍රමාණය මීටර් 7.27 ක් දක්වා සීමාව ඉහල ගොස් තිබුණි.
අකුරැස්ස පානදුගම ජල මාපකයේ සුලු ගංවතුර මට්ටම මීටර් 6.00 ක් ද මහ ගංවතුර මට්ටම මීටර් 7.50 ක්ද වන අතර එම සීමාව මීටර් 7.23 දක්වා පැමිණ තිබුණි.
මේ නිසා හදීසී ආපදාවට මුහුණ දීම සදහා දකූණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සවස මාතර දිස්ත්‍රික් ආපදා කමිටුව රැස් විය.
ඊට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර,පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක,මාතර මහ දිසාපති ගනේෂ අමරසිංහ යන මහත්වරු ඇතුළුව රජයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
එහිදී මහ ගංවතුර තත්වයක් මුහුණ දීම සදහා අවශ්‍ය තීන්දු තීරණ ද ආපදාවට ලක්වන ජනතාවගේ සුබ සාධනය සදහා තීන්දු තීරණ ද රැසක් ගනු ලැබීය.
දිවයිනේ සියලුම පාසල් අද (03) නිවාඩු දී තිබෙන අතර හෙට (04) සිට පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ආණ්ඩුකාරවරයා විසින් කලාප අධ්‍යාපන අධ්යක්ෂ වරුන් වෙත පැවරුවේය.
අකුරැස්ස පිටබැද්දර,කඹුරුපිටිය,කිරින්ද,යටියන,මාකදුර,දෙයියන්දර,තිහගොඩ,අතුරලිය ආදී ප්‍රදේශ රැසක ගංවතුර තත්වය ඇති වී තිබුණි.
ඊට අමතරව මාතර සිට කොටපොල,හක්මන,කඹුරුපිටිය,අකුරැස්ස,දෙනියාය,කද්දුව,මිද්දෙණිය,වලස්මුල්ල,යටියන දක්වා මාර්ග වලද අකුරැස්ස සියඹලාගොඩ,මොරවක නෙලුව ,අකුරැස්ස කඹුරුපිටිය යන ප්‍රධාන මාර්ග වල බස් ධාවනය මුලුමනින්ම ඇණහිට ඇත.
ඊට අමතරව පහත සදහන් මාර්ග වලද ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
මුලටියන හක්මණ මාර්ගය දෙයියන්දර නගරය අසල මාර ගස් වේල්ල අඩි 05ක් පමණ ජලයෙන් යට වී ඇත.
මුලටියන කඹුරුපිටිය මාර්ගය මාකදුර නගරය අසල අඩි 4ක පමණ ජලයෙන් යට වී ඇත.
දෙයියන්දර සීනිපැල්ල මාර්ගය ජලයෙන් යට වී ඇත
හක්මණ මුලටියන මාර්ගයේ පල්ලවෙල තෙලඹුගහ හංදිය අසල මාර්ගය ජලයෙන් යට වී ඇත.
දෙයියන්දර කඹුරුපිටිය මාර්ගය හොරපාවිට අසල අඩි 2 පමණ ජලයෙන් යට වී ඇත.
කොරඹුරුවාන හංදිය අසල ජලයෙන් යට වී ඇත.
මුලටියන දෙයියන්දර මාර්ගයේ ඔවිලාන බෝක්කුව අසල ජලයෙන් යට වී ඇත.
මාකදුර මුලනවත්ත හරහා කඹුරුපිටිය මාර්ගයේ සුදු බෝක්කුව අසල ප්‍රදේශය ජලයයෙන් යට වී ඇත.
අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගමින්ද අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය හෝන්දු ගොඩින් හා අකුරැස්ස අතුරලිය මාර්ගය බලකාවලින් ද ජලයෙන් යටවී ඇත.
කිරින්ද පුහුල් වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හක්මණ මාතර මාර්ගය කිරින්ද නගරයෙන් ජලයෙන් යට වී ඇත.
හක්මණ මාතර ප්‍රධාන මාර්ගය හොරොන්දුව සහ යටියන යෙඩ් එක ලඟින් ජලයෙන් යට වී ඇත.
හක්මන ඛෙලිඅත්ත ප්‍රධාන මාර්ගය කොහුලියද්ද මංසංධියෙන් ජලයෙන් යට වී ඇත.
පිටබැද්දර දෙහිගස්පේ හැදිය ජලයෙන් යට වී ඇත.
දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගය මොරවක පොලිසිය අසලින් සහ පෝරුපිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇත.
හක්මණ වලස් මුල්ල ප්‍රධාන මාර්ගයේ හක්මණ පොළ අසලින් ජලයෙන් ජලයෙන් යට වී තිබේ.
කඹුරුපිටිය මාතර මාර්ගයේ මාපලාන හන්දිය අසල ජලයෙන් යටවී ඇත.
කඹුරුපිටිය කද්දුව මාර්ගය හෝදාට ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇත. බර වාහන පමණක් ගමන් කරයි.
අකුරැස්ස යක්කලමුල්ල මාර්ගයේ කැටන්වල හා මලිදුව ජලයෙන් යට වී තිබේ.
අකුරැස්ස අමලගොඩ හංදිය ජලයෙන් යට වී ඇත.
ක්‍රිෂාන් ජීවක