සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා” අද (26) දැඩි ආරක්ෂාවක් යටතේ මාතර අධිකරණයේ විභාග වන නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට රැගෙන ආවේය.
ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රස්ත විමර්ශන ඒකකය, විශේෂ කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු නිලධාරීන් සියයකට වැඩි පිරීසක් රාජකාරී වල යොදවා තිබූණි.
2018 වසරේ මාර්තු මස 11 වන දින වැලීගම පොලිස් වසමේදී ජීව බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 14 මිලි ග්‍රෑම් 600ක් සමග වැලිගම පොලිස් වසමේදි “හරක් කටා” පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඊට අදාල නඩුවට ඔහු අධිකරණයට ඉදිරීපත් කෙරීණි.
එම නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණ ශාලාව තුල සිටි සිවිල් ජනතාව හා අනෙකුත් සියලු දෙනා ඉවත්කොට විශේෂ ආරක්ෂාව යටතේ අදාල නඩුව විභාගයට ගන්නා ලදි .
මෙහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ජේෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න , නීතිඥ සංජය ආරියතිලක, නීතිඥ අසේල මුරමුදලි, නීතිඥ අනුත්තරා යන මහත්ම මහත්මීන් පෙනී සිටියේය.
මෙම නඩුවේ වැඩිදුර විභාගය මැයි 23 දින කල් තැබිණි. මාතර කොටවිල පිහිටි අධිකරණ සංකීර්ණ ඉතිහාසයේ සැකකරුවකු වෙනුවෙන් ලබාදී තීබු වැඩිම ආරක්ෂාව මෙය බව බොහෝ දෙනෙකු කීය.
ක්‍රිෂාන්ජීවක ජයරුක්