සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මියගිය මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන බව පැවසෙන වතුපිටිය පතිරනගේ දමිත් ප්රභාෂිත අත්තනායක හෙවත් මාකොළ සුද්දා ඇතුළු දෙදෙනෙකු එක්කොටි හතලිස් ලක්ෂයක අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ඒ සමග මත්ද්‍රව්‍ය ජාවාරමේන් උපයා ගත් බවට් සැක ජෙරෙන රුපියල් 8,400.00 , ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 05 , මුදල් ගනුදෙණු සටහන් පොතක්ද ,හා සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 650 පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව කඩවත - කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල වැටලීමක් සිදුකළ අතර එහිදී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර තිබේ. එම අවස්ථාවේදී සැකකරු මෝටර් රථය පසුපසට ගන්නා මුවාවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු අනතුරට ලක් කොට පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ පසුපස රෝදයේ දෝෂයක් හටගෙන ඇති අතර පසුව ඔහු මෝටර් රථය අතහැර දමා අධිවේගය ඔස්සේ පලා යද්දී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සැකකරු පැමිනි මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් ග්රැස්ම් 10 මිලි ග්‍රෑම් 650 ප්‍රමාණයක් ද සොයාගෙන තිබුණි.පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ග්‍රෑන්ඩ්පාස් තොටලග පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසලදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්රබලයෙකු වු දැනට මියගොස් සිටින සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් යන අයගේ කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ලද පුද්ගලයකුද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 22 මිලි ග්‍රෑම් 680 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණු වත්ත , ලින්දර , ලින්දර හා කොළඹ 14 පර්තිලන් පාරේ (36 - 31 ) වයසේ පසුවන දෙදෙනකු බව පැවසේ.
පොලිස් භාරයට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිතය.
අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටීන බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පැවසේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව මෙම වැටලීම සිදු කෙරිණි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න