නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්රහාරයකට ලක්ව ඝාතනයට ලක්වු ප්රකට ව්යාපාරික සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකිරිමෙන් පසු මාකදුරේ මදුෂ්ගේ රුව සහිත බැනරයක් මාතර ප්රධාන බස් නැවතුම්පොල ඉහල මහලේද ඊයේ (14දා) උදෑසන වනවිට ප්රදර්ශනය කර තිබු බව මාතර පොලීසිය පවසයි.
එම බැනරයේද සදහන්කර ඇත්තේ “අපේ අයියේ, එක එක්කෙනා එවනවා. අපි එනකම් බලාගන්න .කේ.පී.අයි”යනුවෙනි.
හිටපු පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් මිහිදන් කල සුසාන භූමිය ඉදිරි පිට ඊයේ (13) ප්රදර්ශනය කර තිබු බැනරයටම සමාන බැනරයක් එසේ මාතර ප්රදර්ශනය කර තිබුණි.
එය කවුරුන් විසින් සවිකලේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.කෙසේ වෙතත් සිවිල් ඇදුමින් සැරසුණු ආරක්ෂක අංශ සාමාජිකයින් පිරීසක් අදාල බැනරය ගලවා ඉවත් කර තිබේ.
මාකදුරේ මදුෂ්ගේ ගම මාතර දිස්ත්රික්කයේ පිහිටා ඇති නිසා එම බැනරය ප්රදර්ශනය කරන්නට ඇති බවට සැක කෙරේ.
ක්රිෂාන් ජීවක ජයරුක්