මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් , මහේස්ත්රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයෙකු 07/14 දින උදෑසන මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා කළක් වැළිසර අධිකරණයේ කාර්යාල කාර්යය සහායකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මෙවැනි වැරදි වංචා සිදු කර රැකියාව අහිමි වී සිර ගත ව සිටි පුද්ගලයෙකි .
තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ තෝල්ක මුදියන්සේ ලෙස හදුන්වා දෙමින් , වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පවරා තිබූ නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීම සදහා , මෙම කූඨ ලෙස සකස් කළ නඩු වාර්තාව ලබා දී මෙම මුදල වංචනිකව ලබා ගෙන තිබුණි .
පසුව තම ගුවන් ගමන් තහනම ඉවත් නොවී පැවැතීම පිළිබඳව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මුණ ගැසී සොයා බලා ඇති අතර , එහිදී මෙම පුද්ගලයා එම නඩු වාර්තාව කූඨ ලෙස සකස් කර , එයට මහේස්ත්රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස යොදා සකස් කර ඇති බව අනාවරණය වී තිබේ .
ඉන්පසුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර ඔහු කළින් කළ තමන් පදිංචි ප්‍රදේශ මාරු කරමින් , පොලිසියට හසු නොවී සිටීමට උත්සාහ දරා තිබේ .
ඔහු අවසන් වශයෙන් හැදල , වත්තල ප්‍රදේශයේ මහළ් නිවාස සංකීර්ණයක සිය බිරිඳ සමග සැගවී සිට ඇති අතර , 07/14 දින උදෑසන ඔවුන් එම නිවාස සංකීර්ණයෙන් ද පළා යාම සදහා , ඔවුන්ගේ බඩු පහත මාළයට ගෙනැවිත් සිටියදී මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලද බුද්ධි තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති දෙදෙනා 07/14 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක විජේරත්න , පොලිස් සැරයන් 51214 චන්දන සහ පොලිස් කොස්තාපල් 101987 චතුරංග යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .