මැදවච්චිය, ලුණුපැහිච්චාව ගම්මානයේ සිව් දරු පියෙකු පොලිස් ස්ථානාධිපතිවරයෙකුගෙන් හිරි හැර යැයි පවසා ලිපියක් ලියා සිය දිවි හානි කරගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පී.චන්දනසිරි නැමිති
ලුණුපැහිච්චාව ගම්මානයේ පදිංචි ගොවිමහතකි. දිගින් දිගටම විවිධ චෝදනා එල්ල කරමින් නිරපරාදේ නඩු
පනවමින් මෙම ගොවි මහතාට මෙම ස්ථානාධිපතිවරයා හිරි හැර කර ඇති බව එම ලිපියේ සඳහන්ව ඇත.
අනතුරුව එම ලිපිය සමග මෙලෙස මිය ගිය තැතැත්තා ගම්වාසීන් හට හමු වී ඇති බව පොලිසිය කියයි.
මෙම මියගිය සිරුර මැදවච්චිය රෝහල වෙත ඇතුලත් කරමින් අනතුරුව මරණ පරික්ෂණය සිදු කර ඇත. එහිදී
විවෘත තීරණයක් ලබා දී ඇති අතර සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා මැදවච්චිය හදීසි මරණ පරික්ෂක වෛද්‍ය වරයා රස පරික්ෂක කාර්යාලය වෙත යෙමු කර ඇත. මෙම සිදුවීම පිළිබඳ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇත.
සිඩ්නි රුවන් උබේපාල