නුවර මහියංගන මාර්ගයේ කුණ්ඩසාලය වරාපිටිය බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට තිබූ දැවැන්ත ගසක් එම මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයකට සහ ත්‍රිරෝද රථයකට අලාභ හානි සිදු වී ඇති අතර තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පල්ලේකැලේ පොලිසිය කියයි.
අච (02) පස්වරු 4.00 ට පමණ පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ එම ගස මාර්ගයට කඩා වැටී ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක ඉදිරිපස ප්‍රදේශයට පමණක් අලාභානි සිදු වි ඇති අතර සිදුවන්නට ගිය විශාල අනතුරක් මගහැරී ගොස් තිබේ . සිද්ධියෙන් ත්‍රිරෝද රථයකට ද සුළු අලාභානි සිදුව තිබේ .
ඒ හේතුවෙන් මහියංගන නුවර මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් වාහන ගමනා ගමනයට බාධා ඇති විය .
ෂේන් සෙනෙවිරත්න