මහියංගණය , බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17) අලුයම 1.30ට පමණ වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගණය පොලීසිය පවසයි .
දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස්රථයේ මුහුණට මුහුණ ගැටුන වෑන්රථය බස්රථයේ මීටර් 1 යි අසූවක් ඇතුලට කාවැදී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වෑන්රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතල බව මහියංගණය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
වැඩිහිටියන් 7 දෙනෙක් හා ළමුන් තිදෙනෙක් මෙසේ මරණයට පත්ව තිබේ .
මළසිරුරු මහියංගණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
වෑන්රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

පාලිත ආරියවංශ



