හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් 116ක් එයින් ඉවත් කර පොලිසියේ රාජකාරි සඳහා යොදවා ඇතැයි වාර්තා වෙයි.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව 67ක් දක්වා අඩු කර තිබේ.
එසේම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හැරෙන්නට අනෙක් හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂකයින් සංඛ්‍යාව අඩුකර තිබේ.
මේ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂකයින් සංඛ්‍යාව 57ක් දක්වාත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂකයින් සංඛ්‍යාව 58ක් දක්වා ද අඩුකර තිබේ.
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව කළ තක්සේරුවකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ. පොලිස් නිලධාරීන් ඉවත් කිරිම වැඩබලන පොලිස්පතිවරයාගේ අණින් සිදුකර තිබේ.