කොළඹ සිට බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් අද (11) අලුයම පස්සර 10 කනුව ප්රදේශයේ දී මාර්ගයේ න් ඉවතට පැන පෙරලීයාමෙන් පස්දෙනෙකු තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි.
කොළඹ සිට රාත්රි ගමන් ආරම්භ කර ඇති මෙම පෞද්ගලික බස්රථය බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ බදුල්ල පස්සර පාර 10 කනුව ප්රදේශයේදී මාර්ගයේ න් ඉවතට පැන අනතුරට පත්ව ඇතැයි පොලිසිය කීය.
අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය තුළ මගින් 15ක් පමණ සිට ඇති අතර සෙසු පිරිස තුවාල නොලබා බේරි ඇති බවත් පොලිසිය සදහන් කළේය.
අනතුරින් බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තුවාල නොලබා බේරි ඇති අතර බස්රථය ට දැඩි ලෙස අලාභහානි වී තිබේ .
අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය කොන්දොස්තරවරයා විසින් පදවාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පවසයි
ඇල්ල ප්රසාද් රුක්මල්